සයිනොෆාම් එන්නතේ දෙවැනි මාත්‍රාව ජුනි 8 සිට

මැයි 31, 2021

    කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ එන්නත් ලබාදීම දිස්ත්‍රික්ක 9ක අදත් ක්‍රියාත්මකයි.

    සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් සියලුදෙනාට එහි දෙවැනි මාත්‍රාව ලබාදීම ජුනි 8 සිට සිදු කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.


    සයිනොෆාම් එන්නතේ ප්‍රථම මාත්‍රාව ලබාගත් ස්ථානයේදීම දෙවැනි මාත්‍රාව ලබාගත හැකියි.


    බස්නාහිර පළාතේ මෙන්ම කුරුණෑගල,ගාල්ල,මාතර,මහනුවර,රත්නපුර සහ යාපනය යන දිස්ත්‍රික්කවල එන්නත් ලබාදීම අදත් සාර්ථකව සිදු කෙරේ.


    මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව එන්නත්කරණය අද සිදු කෙරෙන්නේ, දෙවැනි දිනටයි. එහි එක් වැඩසටහනක් කුණ්ඩසාලේ පිලවල මධ්‍ය මහා විද්‍යාලයීය පරිශ්‍රයේ පැවැත්වෙයි.

    Latest News