අම්පාර වී මිලදී ගැනීම ඇරඹේ

පෙබ 07, 2019

    අම්පාර දිස්ත්‍රික්කයේ මහ කන්නය සඳහා වී මිල දී ගැනීම ඊයේ ආරම්භ විය. ඒ, අක්කරපත්තුව වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවේදී.

    ගොවි මහතෙකුගෙන් 2000kgක උපරිමයකට යටත්ව වී මිල දී ගැනීම සිදු කරනු ලබයි. දිස්ත්‍රික්කයෙන් වී මෙට්‍රික් ටොන් 30,000ක් මිල දී ගැනීමට අපේක්ෂිතයි. සම්බා වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 41කටද, නාඩු වී කිලෝ රුපියල් 38ක මිලකට ද ගැනීමට නියමිතයි.

    මෙවර අම්පාර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර අසූපන් දහසක වී වගාකර තිබේ. අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක්. වී අලෙවි මණ්ඩලය සතුවී ගබඩා, වී ගබඩා කිරීම සඳහා සූදානම් කර ඇති බව එහි ප්‍රාදේශීය කළමනාකරු ජී.නිමල් මහතා පවසයි. වී මිල දී ගැනීමේ දී කිසිඳු ප්‍රමාදයකින් තොරව සිදු කිරීමට සියලු කටයුතු සූදානම්කර ඇති බවයි, වී අලෙවි මණ්ඩලය පවසන්නේ.

    තමන් සතු වී තොග වී අලෙවි මණ්ඩලය සතු ගබඩා වෙත ගෙනවිත් බාරදෙන ලෙස ඉල්ලීමක් කෙරෙනවා. මෙවර මහ කන්නය සඳහා වී මිල දී ගැනීමට රුපියල් මිලියන 5,000ක් වෙන් කිරීමට රජය තීරණය කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 07 පෙබරවාරි 2019 10:29

    Latest News