බඩ ඉරිඟු වගාවේ තිරසරභාව සුරැකීමට පියවර

පෙබ 07, 2019

    බඩ ඉරිඟු වගාවේ සමස්ථ තිරසර භාවය ඉහළ නැංවීම සඳහා ප්‍රතිපත්තිමය මෙන්ම, ආයතනික හා තාක්ෂණික මැදිහත්වීම අත්‍යවශ්‍ය බව, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය අවධාරණය කරයි.

    මෙරට බඩ ඉරිඟු වගාවට මෑත කාලීනව බලපෑ ප්‍රධාන ගැටලුවක් වන "සේනා" දළඹු හානිය නිසා, එම වගාවට බලපෑ සෙසු ගැටලු යටපත් වූ බව එම ආයතනය පෙන්වා දෙයි. මෙරට ගිණිකොණදිග වියළි කලාපීය කුඩා පරිමාණ බඩඉරිඟු වගාවේ තිරසර භාවය ආශ්‍රිත ගැටලු වැඩිදියුණු කිරීමේ අවස්ථා පිළිබඳ හෙක්ටර් කොබ්බෑකඩුව ආයතනය අධ්‍යයනය කරමින් සිටියි.

    ජල හිඟය, බීජ හා කෘෂි රසායනික මිල අධිකවීම, වගා ණය පියවීමේ අපහසුතා, වන අලි තර්ජනය, පළිබෝධ ව්‍යාප්තිය, සෙසු වන සත්වයින්ගෙන් වන හානි, ඉඩම් අයිතිය පිළිබඳ ගැටලු හා ශ්‍රම හිඟය බඩඉරිඟු වගාවේ ප්‍රධාන ගැටලු ලෙස හඳුනාගෙන තිබිණ. මෙය වගා කිරීමේ දී නිර්දේශිත වගා ක්‍රම අනුගමනය කිරීම ද අවම මට්ටවක පැවැති බවයි, වාර්තා වන්නේ.

    ඉහළ අස්වනු සහිත විදේශික දෙමුහුන් ප්‍රභේද බහුලව වගා කළ ද ක්ෂේත්‍ර මට්ටමේ ඉහළ අස්වනු වෙත ළඟා වන්නට ගොවීන් අසමත්වී ඇති බව ද ක්ෂේත්‍ර අධ්‍යයන තොරතුරු මගින් අනාවරණය වී තිබේ. "සේනා" දළඹු ආක්‍රමණයට ප්‍රථම දේශගුණික ගැටළු, සත්ව හානි සහ පළිබෝධ හානි ද බඩඉරිඟු වගාව කෙරෙහි අහිතකර ලෙස බලපා තිබේ.

    එම නිසා, මෙම වගාවේ තිරසරභාවය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පියවර ගණනාවක් ගැනීමට නියමිත බව, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය අවධාරණය කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 07 පෙබරවාරි 2019 13:16

    Latest News