නිරෝධායන නීති කැඩූ 493ක් අත්අඩංගුවට

මැයි 20, 2021

    ගතවු පැය 24 තුළ නිරෝධයන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 493 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ,ඒ අනූව මේ දක්වා එම නීති උල්ලංඝනය කළ 10,906 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    නිසි ලෙස මුහුණු ආවරණය සිදුනොකිරීම, පළාත් සීමාවන් උල්ළංඝනය කිරීම ඇතුළු චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

    Latest News