චීනයෙන් තවත් එන්නත් ලක්ෂ 5ක පරිත්‍යාගයක්..රජය ලක්ෂ 30ක් මිලට ගනී

මැයි 20, 2021

    චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 5ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන බව චීන ජනාධිපති ෂී ජිං පින් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට දැනුම් දී ඇතැයි ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග ම හතා පවසයි.

    චීන ජනාධිපතිතුමාගේ තීරණය ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ජෙන්හොං මහතා ඊයේ ශ්‍රී ලංකා ජනාධිපතිතුමාට දැනුම් දුන් බව වීරතුංග මහතා ප්‍රකාශ කරයි.

    එමෙන්ම, චීනයෙන් ඇණවුම් කළ මිලියන 14ක සයිනොෆාම් එන්නත් තොගයෙන් මිලියන 3ක් (තිස් ලක්ෂයක්) ඉදිරි සතිය තුල ශ්‍රී ලංකාවට ලබා දෙන බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි.

    China1

    Last modified on බ්‍රහස්පතින්දා, 20 මැයි 2021 10:20

    Latest News