බැදුම්කර කොමිසමට දුන් හඩපටවල; රස පරීක්ෂක වාර්තාවක් කැදවයි

පෙබ 06, 2019

    බැඳුම්කර කොමිසම වෙත පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම විසින් ලබාදුන් දුරකථන හඬපට වලට අදාළ අනුපිටපත් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද රහස් පොලිසීය වෙත නියම කළේය. 

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ මෙම පෑමිණිල්ල  කැඳවනු ලැබීය. එහිදී, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් බැඳුම්කර කොමිසම වෙත යොමු කර තිබූ දුරකථන හඬපට වල දෝෂ සහිත තත්වයක් පවතින බැවින් ඒවා පරීක්ෂා කිරීම අපහසු බව රජයේ රස පරීක්ෂකවරයා විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා තිබිණ.

    ඒ අනුව, එම හඬපට වල  අනුපිටපත් අද රහස් පොලිසිය විසින්  අධිකරණයට ඉදිරිපත් කර තිබූ  අතර ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ. ඒ අනුව අධිකරණය විසින් මෙම නියෝග ලබා දුන්නේය.

    Latest News