අතිදුෂ්කර රෝහල්වලටත් ගිලන් රථ

පෙබ 06, 2019

    මධ්‍යම පළාතේ අතිදුෂ්කර රෝහල් සඳහා අද ගිලන් රථ පිරිනැමිණ.

    උත්සවය පැවැත්වුණේ, පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදීයි. නව ගිලන් රථ 10ක් අද බෙදාදෙනු ලැබුවේ, ඩයගම, නාලන්ද, ලෙනදොර, දික්ඔය, ඉලුක්කුඹුර, දෙල්තොට, තිත්තපජ්ජල, හඟුරන්කෙත, සීගිරිය හා ආගරපතන යන රෝහල් සඳහායි. එක් රථයක වටිනාකම රුපියල් මිලියන 15ක්. පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණ.

    ඉදිරියේ දී තවත් ගිලන් රථ 15ක් මධ්‍යම පළාත සඳහා ලබාගැනීමට නියමිත බවයි, ඔහු මෙහි දී කියා සිටියේ. 

    Last modified on බදාදා, 06 පෙබරවාරි 2019 15:18

    Latest News