තවත් 61,882 දෙනෙක්ට ඊයේ සයිනොෆාම් එන්නත

මැයි 15, 2021

    'කොවිඩ්-19' ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ සයිනොෆාම් ඊයේ 61,882 දෙනෙක්ට ලබා දී තිබේ. ඒ අනූව එම එන්නත ලබා දී ඇති සමස්ත ගණන 276,762ක්.

    කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව එකොළොස් දහස් 385 දෙනෙකුට ඊයේ ලබා දී ඇති අතර, එය ලබාගත් සමස්ත පිරිස දෙලක්ෂ 56,004ක්.

    එමෙන්ම ස්පුට්නික් වී එන්නත පුද්ගලයින් 14,673කට ලබා දී තිබේ.

    මෙරට දැනට ලබා දී ඇති එන්නත්වල පළමු මාත්‍රාව ලබාගත් පිරිස දොලොස් ලක්ෂ දහසය දහස් 677ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    නාවල ප්‍රදේශයේ ජනතාවට එන්නත් ලබාදීමේ වැඩසටහනක් සිරි සිද්ධාර්ථාරාම විහාරස්ථානයේ දි අද පැවැත්වෙයි. එය නිරීක්ෂණය සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එක්ව සිටියේය.

    Latest News