කොවිඩ් ආසාදිත ගර්භනී මවක් මියයයි; බිලිඳාගේ ජීවිතය බේරා ගැනේ

මැයි 15, 2021

    කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි 28 හැවිරිදි ගර්භනී මවක් කුරුණෑගල රෝහලේදී ජිවිතක්ෂයට පත්ව තිබේ.

    මෙම කාන්තාව දරු ප්‍රසූතිය සඳහා නිකවැරටිය රෝහලට ඇතුලත් කොට ඇති අතර එහිදී ඇය අපස්මාරය රෝගයෙන් පෙලීම හේතුවෙන් කුරුණෑගල රෝහලට මාරුකොට ඒවා තිබේ.

    කුරුණෑගල රෝහලේ දී සිදුකළ PCR පරීක්ෂණයෙන් ඇය කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත. අනතුරුව ඇය කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කරනු ලබන විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර තිබේ.

    එහිදී මෙම ගර්භනී කාන්තාව දරු ප්‍රසුතිය සඳහා සුදානම් වීම හේතුවෙන් වෛද්‍යවරුන් විසින් සිසේරියන් සැත්කමක් සිදුකර ඇති අතර එම අවස්ථාවේ දී දිගින් දිගටම ඇයට අපස්මාරය රෝගය උත්සන්න වී ඇති බවයි, වාර්තා වන්නේ.

    පැවති සංකුලතා හේතුවෙන් මෙම ගර්භනී මව ජිවිතක්ෂයට පත්ව ඇති අතර ඇයගේ බිලිඳා බේරා ගැනීමට වෛද්‍යවරුන් සමත්ව තිබේ.

    මේ වන විට බිලිඳා සෞඛ්‍ය සම්පන්නව සිටින බවයි, කුරුණෑගල රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂක චන්දන කදන්ගමුව ප්‍රකාශ කර සිටියේ.

    Latest News