සාලියවැව අතුරුදහන් දැරියගේ මව රිමාන්ඩ්

පෙබ 06, 2019

    පුත්තලම, සාලියවැව පොලිස් වසමට අයත් නීලබැම්ම, ඕලුමඩුවේ අතුරුදන් දැරියගේ මව ලබන 08 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම මහේස්ත්‍රාත් ලහිරු එස්. සිල්වා මහාතා නියෝග කළේය.


    මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකලේ මිය ගිය දැරියගේ මව වන එච්.එම්. නයනා කුමාරි (21) යන අයයි.

    සිද්ධිය සම්බන්ධව සාලියවැව පොලීසිය මගින් ඉකුත් 04 දින සවස බි වාර්තාවක් පුත්තලම අතිරේක දිසාවිනිසුරු හා මහේස්ත්‍රාත්වරයට ඉදිරිපත් කරමින් කියා සිටියේ සාලියවැව පොලිස් ස්ථානයේ මෙම දැරිය අතුරු දහන්වීම පිළිබදව තවමත් පරීක්ෂණ සිදු කරන බවත් තවත් පැය 24 රඳවා තබාගෙන පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය බවයි.

    රැදුවුම් නියෝග මත සිටි සැකකාරිය පුත්තලම අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළේය.

    ඩබ්ලිව්.ජී. තෙනුරි තිසාරා දැරිය ඉකුත් 30 දින උදෑසන සිය මව සමග නිවසේ සිටිය දී අභිරහස් ලෙස අතුරුදන් වී ඇති බවට ලද පැමිණිල්ලකට අනුව සාලියවැව පොලීසිය මගින් පුළුල් විමර්ශනයක් ආරම්භ කළේය.

    දැරිය පදිංචිව සිටි නිවස ආසන්නයෙන් ඇති කළා ඔය ප්‍රදේශයේ නාවික හමුදා කිමිදුම්කරුවන්, පොලිස් කිමිදුම්කරුවන් යොදා සොයා බැලුව ද ඊයේ (05)  සවස්  වන විටත් දැරිය ගැන කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි විය.

    Last modified on බදාදා, 06 පෙබරවාරි 2019 16:16

    Latest News