උතුරේ ආණ්ඩුකාර ටියුෂන් පන්තිවල නීත්‍යානුකූල බව හොයයි

පෙබ 06, 2019

    උතුරු පළාත තුල ඇති සියලුම පෞද්ගලික අධ්‍යාපන ආයතනවල තොරතුරු හා ඒවා පවත්වන ස්ථාන වල ඇති ඉඩම් වල අයිතීන් පිළිබඳව වාර්තාවක් මාර්තු මස 04 වන දිනට පෙර උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදෙන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රඝවන් මහතා අදාල නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

    මේ පිළිබදව තොරතුරු හා ඉල්ලුම් පත්‍ර අද (05) දින සිට www.np.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.  වැඩිදුර විමසීම් 021 2231343 යන දුරකතනයෙන් ලබාගත හැකියි.

    තව ද නගර ආසන්නව ප්‍රදර්ශනය කරනු ලබන බැනර් හා විශාල ප්‍රමාණයේ කටවුට් ඉදිරි සති දෙක කාලය ඇතුලත එහි අනන්‍යතාවය හා නිත්‍යානුකුලබාවය ප්‍රදර්ශනය කලයුතු වේ.

    අනන්‍යතාවය හා නිත්‍යානුකුලබාවය ඔප්පු කරගැනීමට නොහැකි බැනර් හා කටවුට් ගලවා ඉවත් කර එයට නිත්‍යයානුකුලව පියවර ගන්න ලෙසත්, පරිසරයේ අලංකාරය ආරක්ෂා කර ගනිමින් එය රැක ගැනීමට අවශ්‍යය පියවර ගන්නාමෙන්ද උතුරු පළාත් ආණ්ඩුකාරවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

    Last modified on බදාදා, 06 පෙබරවාරි 2019 09:07

    Latest News