වෙසක් සැරසිලි සහ පහන් දැල්වීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බාධාවකින් තොරව නිවෙස්වලටම සැපයීමේ අවස්ථාව වෙළෙඳුන්ට සලසමින් සෞඛ්‍ය උපදෙස් ආරක්ෂා කර ගැනීම සඳහා පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවල සහය තමන් අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.
සෞඛ්‍ය අවධානම සැලකිල්ලට ගනිමින් පාසල් වසා දැමීම නිසා ඒකාකාරී ජීවන රටාවකට මුහුණ දී සිටින දරුවන්ට මේ මගින් නව අත්දැකීමක් ලබා දීමේ අවස්ථාව හිමිවෙයි.
එමෙන්ම, වෙසක් දිනයේ ආගමික වතාවත්, නිවසේ සිට සිදුකිරීමට අවශ්‍ය සහය විද්‍යුත් මාධ්‍ය මගින්ද ලබාදෙනු ඇතැයි, තමා අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.