පොල් තෙල් ගැන විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

මැයි 08, 2021

    ආහාරයට ගන්නා පොල්තෙල්වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර කිරීම තහනම් කරමින් පාරිභෝගික අධිකාරිය අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

    ඊයේ (07) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදියි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

    ඒ අනූව බෝතල් කළ, ඇසුරුම් කළ,බහලුම්ගතව තොග වශයෙන් හෝ සිල්ලර වශයෙන් විකුණන ලබන ආහාරයට ගන්නා පොල්තෙල්වල වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර නොකළ යුතුය.

    පොල් තෙල් ආනයනකරුවන්, පිරිපහදුකරන්නන්, නිෂ්පාදකයින්, තොග රැස්කර තබන්නන්, අසුරන්නන්, බෙදාහරින්නන් හා වෙළෙදුන් වෙත මෙම නියෝගය බලපැවැත්වෙයි. 

    Gzet

    Last modified on සෙනසුරාදා, 08 මැයි 2021 11:58

    Latest News