නිරෝධායන නීති කැඩූ 617ක් අත්අඩංගුවට

මැයි 08, 2021

    ඊයේ (07) දිනයේදී නිරෝධායන රීති කඩකළ පුද්ගලයින් 617 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    ඉන් 342ක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ නගරය තුළදීයි.

    ඒ අනුව නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධයෙන් එක් දිනකදී වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේදීය.

    පසුගිය ඔක්තෝබර් මස 30වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගැනුණු පිරිස 6,539ක් වෙයි.

    Latest News