පැය 24ට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 381ක් අත්අඩංගුවට

ජූනි 21, 2020

    පොලීසිය බස්නාහිර පළාත තුළ ඊයේ උදෑසන 6.00 සිට අද අලුයම 5.00 දක්වා සිදු කළ වැටලීම්වල දී මත්ද්‍රව්‍ය සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් සැකකරුවන් 381 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    එම කාලසීමාවේ සිදුකර ඇති වැටලීම් සංඛ්‍යාව 379ක්. හෙරොයින් ජාවාරම් හා සම්බන්ධ වැටලීම් 133ක් සිදු කෙරුණු අතර එහිදී සැකකරුවන් 133ක් අත්අඩංගුවට ගනු ලැබීය. ගංජා ජාවාරම් සම්බන්ධයෙන් අනූ දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 121 දෙනෙක්.

    ගෝඩා හා අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 24 දෙනෙකු ද වෙනත් නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් 11 දෙනෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර වෙයි.


    හෙරොයින් සහ ගංජා ජාවාරම් සම්බන්ධ සැකකරුවන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ සීදුව,බුලත්සිංහල,වෙරළබඩ,හංවැල්ල සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවලදී.

    Last modified on ඉරිදා, 21 ජූනි 2020 11:55

    Latest News