දඹුල්ල ආර්ථිකය ඉරිදා තෙක් මාතලේ ගොවීන්ට පමණයි

මැයි 07, 2021

    පවතින වාතාවරණය හමුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳාම් කටයුතු මාතලේ දිස්ත්‍රික්කයේ ගොවීන්ට පමණක් සීමා කිරීමේ තීරණය ලබන ඉරිදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

    මාතලේ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුවේ ප්‍රධානී මේජර් ජනරාල් නාලක මානගේ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, ඒ අනූව ලබන ඉරිදා වන තෙක් මාතලේ දිස්ත්‍රික්කයේ හැර සෙසු දිස්ත්‍රික්වල ගොවීන්ට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුලට ඇතුලුවීමට අවසර නොලැබෙන බවයි.

    Latest News