සූරියවැව, ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු 14කට කොවිඩ්

මැයි 05, 2021

    සූරියවැව ප්‍රාදේශීය ලේකම්වරයාට 'කොවිඩ්-19' වෛරසය ආසාදිත බව හදුනාගෙන ඇති අතර ඔහුගේ ආශ්‍රිතයින් ලෙස ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරීන් 48 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇත.

    ඒ අනූව මේ දිනවල මහජන රාජකාරි රැසක් එම කාර්යාලය තුල සිදු නොවන බවයි සූරියවැව අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

    තවත් කොරෝනා ආසාදිත පුද්ගලයින් 13 දෙනෙකු සූරියවැව ප්‍රදේශයෙන් හදුනාගෙන ඇති අතර පුද්ගලයින් 200ක පිරිසක් නිරෝධායනයට ලක් කර තිබේ.

    Latest News