මධූෂ් අත්අඩංගුවට ගැනීම ඒකාබද්ධ මෙහෙයුමකින් (ඡායාරූප)

පෙබ 05, 2019

    update - මාකඳුරේ මධූෂ් ඇතළු ශ්‍රී ලාංකිකයන් 25 දෙනා අත්අඩංගුවට ගැනීම ඒකාබද්ධ මෙහෙයුමකින් සිදුකර ඇති බව නවතම ආරංචි මාර්ග පවසයි.

    මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ඇති බවද එරට ලැබෙන වාර්තා පවසයි. මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමෙන් පසු ගනු ලැබූ ඡායාරූපයක්ද මේ වන විට සාමාජ මාධ්‍ය තුළ සැරිසරමින් තිබේ.

    Madush1

     Madush 900px 19 02 05

     

    මාකඳුරේ මධූෂ් ඩුබායිහිදී අත්අඩංගුවට - (13.50)

    මත්ද්‍රව්‍ය ජාවාරමට සහ මිනීමැරුම් රැසකට සම්බන්ද නමගිය පාතාල නායකයෙකු වන මාකඳුරේ මදූෂ් සහ තවත් පාතාල නායකයින් තිදෙනෙකු අැතුළු 25 දෙනෙකු ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සමග මෙරට ජනප්‍රිය ගායකයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

    තහවුරු කළ පොලිස් ආරංචි මාර්ග පවසන්නේ මෙම අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු නිවැරදි බවයි.  එසේම මත්කුඩු ඡාවාරම හා සම්බන්ධ තවත් ප්‍රධාන පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක වන බව ද එම ආරංචි මාර්ග පවසයි.

     

    Last modified on අඟහරුවාදා, 05 පෙබරවාරි 2019 16:08

    Latest News