චීන ආරක්ෂක අමාත්‍යවරයා දිවයිනෙන් පිටව යයි

අප්‍රේ 29, 2021

    චීනයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග්හි මහතා  ශ්‍රී ලංකා දෙදින නිල චාරිකාව සාර්ථකව නිම කර අද උදෑසන දිවයිනෙන් පිටත්ව ගියේය.

    චීන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාවට පැමිණියේ ඉකුත් 27 වැනි දිනයි. 

    37 දෙනෙක් එම පිරිසට ඇතුළත්. චීන ආරක්ෂක අමාත්‍යවරයා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර නිල හමුව ජනාධිපති කාර්යාලයේ දී ඊයේ පැවැත්විණ.

    අනතුරුව, ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග ද ද්විපාර්ශවික සාකච්ජාවලට එක්විය.

    සිය චාරිකාව නිමා කරමින් චීන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස අද මෙරටින් පිටත්ව ගියේ චීන ගුවන් හමුදාවට අයත් බී-4026 දරණ විශේෂ ගුවන් යානයෙන්.

    ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඇතුළු පිරිසක් චීන ආරක්ෂක අමාත්‍යවරයාට සමුදීම සඳහා කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 29 අප්‍රේල් 2021 12:57

    Latest News