වේරහැර කාර්යාලයේ සේවාවන් සීමා කෙරේ

අප්‍රේ 26, 2021

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය මගින් රියදුරු බලපත්‍ර වලට අදාළව ලබාදෙනු ලබන සේවාවන් සීමා කිරීමට සිදුව ඇති බව, මෝටර් රථ  ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී.කේ.අලහකෝන් මහතා පවසයි.

    මේ වන විට රට තුල උද්ගතව ඇති කොවිඩ්-19 වසංගත තත්වයේ දැඩි අවදානම් සහගත ස්වභාවය මත සෞඛ්‍ය අංශ මගින් ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනූව මෙම තීරණය ගෙන තිබේ.

    ඒ අනූව, 011-2677877 දුරකථන අංකයට අමතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ රියදුරු බලපත් අංශය සඳහා 2021-04-27 දින සිට 2021-05-13 දින දක්වා කාලය තුල මධ්‍යහන 12.00න් පසු වේලාවක් ලබාදී ඇති සේවාලාභීන් සඳහා පහත ආකාරයට සේවා ලබාදෙන බව දැනුම් දෙයි.

    එම දිනයන් සඳහා මධ්‍යහන 12.00ට පෙර වේලාවක් ලබා දී ඇති සේවාලාභීන්ට දැනට ලබාදී ඇති දිනම පෙ.ව 8.30ත් ප.ව 3.00ත් දකවා වූ කාලය තුළ වේරහැර කාර්යාලයට පැමිණ සේවය ලබාගත හැකි බව ද දැනුම් දෙයි.

    Verahera 900px 21 04 26

    Last modified on සදුදා, 26 අප්‍රේල් 2021 09:43

    Latest News