හිසතෙල් ගෑමේ සුබ නැකතට රටම එක්වෙයි

අප්‍රේ 17, 2021

    අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ සුබ නැකත අද උදේ 7.16 ට යෙදී තිබිණ. එම චාරිත්‍රයද ඉටු කිරීමට මුළු රටේම ජනතාව මේ එක්ව සිටියේය.

    හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේදී පැවැත්විණ. ඒ අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, නිමල් සිරිපාලද සිල්වා, ආචාර්ය බන්දුල ගුණවර්ධන හා රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන්.

    දේශිය වෙදකම ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුරේවේදය රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයයි එය සංවිධානකර තිබුණේ. පෙරවරු 7.16 ට යෙදුනු සුබ මොහොතින් හෙළි සිරිත් විරිත්වලට මුල්තැන දෙමින් හිසතෙල්ගෑම සිදුකෙරිණ.

    කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙනුයි එම කටයුතු සිදුවුණේ.

    Last modified on සෙනසුරාදා, 17 අප්‍රේල් 2021 13:04

    Latest News