අලුත් අවුරුදු නැකැත් පත්‍රය හරියටම බැලුවද ?

අප්‍රේ 13, 2023
    මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ පරණ අවුරුදු දිනය අදයි. වෙනත් බොහෝ වසරවල අද දිනට පුණ්ය කාලය යෙදී තිබුණද මෙවර නැකත් පත්රයට
    අනුව පුණ්ය කාලය යෙදි ඇත්තේ හෙට දිනටයි.
    ඒ අනූව, හෙට (14) උදාවන අලුත් අවුරුද්දේ නැකත් යෙදී ඇත්තේ මේ අයුරින්.
     
    පුණ්ය කාලය
     
    අප්රේල් මස 14 වන සිකුරාදා පූර්ව භාග 8.35 සිට එදින අපරභාග 9.23 දක්වා පුණ්ය කාලය බැවින් අප්රේල් මස 14 වන සිකුරාදා පූර්ව භාග 8.35ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි.
     
    අලුත් අවුරුදු උදාව
     
    අප්රේල් මස 14 වන සිකුරාදා දින අපරභාග 2.59ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.
     
    ආහාර පිසීම
     
    අප්රේල් මස 14 වන සිකුරාදා අපරභාග 3.29ට විචිත්ර වර්ණ වස්ත්රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දීකිරි මිශ්ර කිරිබතක් ද තල සහ විලඳ මිශ්ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි.
     
    වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
     
    අප්රේල් මස 14 වන සිකුරාදා අපරභාග 5.05ට විචිත්ර වර්ණ වස්ත්රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය කිරීම මැනවි.
     
    හිසතෙල් ගෑම
     
    අප්රේල් මස 16 වන ඉරිදා පූර්වභාග 9.41ට රතු සහ කහ මිශ්ර වර්ණ (තඹ පැහැති) වස්ත්රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද පයට නුගපත් ද තබා ඉඹුල්පත් යුෂ නානු ගා තෙල් ගා ස්නානය කිරීම මැනවි.
     
    දේශීය වෛද්ය අමාත්යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව හිසතෙල් ගැල්වීමේ ජාතික මහෝත්සවය 2023ක් වූ බක් මස 16 වන ඉරුදින පෙ. ව. 9.41ට යෙදෙන සුබ මොහොතින් බියගම, හෙයියන්තුඩුව පුරාණ රජමහා විහාරයේදී පැවැත්වේ.
     
    රැකී රක්ෂා සඳහා පිටත්ව යාම
     
    රැකී රක්ෂා පිටත්ව යාමේ නැකත යෙදී ඇත්තේ අප්රේල් 17 වැනි සදුදා පෙරවරු 6.28 ටයි. ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්රාභරණයෙන් සැරසී දීකිරි මිශ්ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යාමට මැනවි.
     
    පැළ සිටුවීම
     
    අප්රේල් 20 වැනි බ්රහස්පතින්දා පෙරවරු 6.38 ට රන්වන් පැහැති වස්ත්රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැල සිටු වීම මැනවි යැයි නැකැත් පත්රයේ සඳහන්.

    Latest News