චීන සමාගමක් ලියාපදිංචියට එරෙහිව පෙත්සමක්

පෙබ 01, 2019

    ශ්‍රී ලංකාව තුල නීති සේවා සැපයීම සඳහා චීන සමාගමක් ලියාපදිංචි කිරීමට සමාගම් රෙජිස්ට්‍රාර්වරයා ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

    ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී. බී. දෙහිදෙනිය සහ එස්. තුරෙයිරාජා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත කළේය.

    තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් ක්‍රියාත්මකවේ. නඩු විභාගය ඔක්තෝබර් මස 24 වනදා පැවැත්වීමට නියම කෙරිණි.

    ශ්‍රී ලංකාව තුල චීන සමාගමක් නීති සේවා සැපයීමට එරෙහි පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ නීතිඥ එන්. විජේසුන්දර මහතා විසින්. වගඋත්තරකරුවන් ලෙස සමාගම් රෙජිස්ට්‍රාර්වරයා සහ නීතිපතිවරයා නම් කර ඇත.

    නීති සේවා සැපයීම සඳහා සීමිත සමාගමක් ලියාපදිංචි කිරීමට සමාගම් රෙජිස්ට්‍රාර්වරයා ගත් තීරණය තුළින් ශ්‍රේෂ්ඨාධිකරණ රීති උල්ලංඝනය වන බව පෙත්සම්කරු කියා සිටි. මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස සහ සමාගමේ ලියාපදිංචිය තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබේ.

    Last modified on සිකුරාදා, 01 පෙබරවාරි 2019 12:06

    Latest News