ඖෂධවේදීන්ගේ වර්ජනයේ; රෝගීන් අමාරුවේ

පෙබ 01, 2019

    නාවලපිටිය මුලික රෝහලේ රජයේ ඖෂධවේදීන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළබිම හේතුවෙන් රෝගින් රැසක්  දැඩි අසිරුතාවයට පත්ව සිටියි.

     

    එම රෝහලේ ඖෂධාගාරය වසා දැමිම හේතුවෙන් බාහිර රෝගි අංශයෙන් සහ සායන කටයුතු වලට පැමිණෙන රෝගින්ට වෛද්‍යවරුන් විසින් අනුමත කරන ඖෂධ ලබා ගැනිමට නොහැකි වී ඇත.

    රජයේ ඖෂධවේදින්ගේ සංගමයේ සභාපති ප්‍රියංකර පෙරේරා මහාගෙන් කළ විමසුකට ඔහු කියා සිටියේ නිසි අවශ්‍යතාවයක් නොමැතිව ඖෂධවේදින් බඳවා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරින් සමග පැවති සාකච්ඡා අසාර්ථකවීම නිසා දිවයින පුරා රජයේ රෝහල් වල ඖෂධීවේදින්  මෙම වෘත්තිය සමිති ක්‍රියාමර්ගයකට එළබි බවයි.

    1 12

    අද (01) පස්වරුවේ  මෙම ගැටළුව සම්බන්ධයෙන්  සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් පැවැත්වෙන බවත්, එම සාකච්ඡාවෙන් පසු මාධ්‍යයට ප්‍රකාශයක් ලබාදෙන බව ප්‍රියංකර පෙරේරා මහතා  පැවසිය. මේ සම්බන්ධයෙන් නාවලපිටිය මුලික රෝහලේ උසස් වෛද්‍යවරයෙකුගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ, ඖෂධාගාරයේ සේවකයින්ගේ වෘත්තිය සමිති ක්‍රියාමර්ගය හේතුවෙන් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගින්ට ඖෂධ ලබා දිමට කිසිදු බාධාවක් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය මගින්  සිදු නොවන බවයි.

    Latest News