මිලියන 20ක දුම්වැටි අත්අඩංගුවට

පෙබ 01, 2019

    රුපියල් මිලියන 20ක් පමණ වටිනා දුම්වැටි තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සමත්වේ.

    ඊයේ සවස පිටකොටුව ඔරලෝසු කණුව අසලදී කුඩා කන්ටේනර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී මෙම වැටලීම සිදු කර තිබේ. ඩුබායි සිට නැව් අමතර කොටස් ආනයනය කරන මුවාවෙන් නීති විරෝධීව මේවා ගෙන්වා ඇත. එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රධාන සැකකරු පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකයි.

    Latest News