අන්තරේ සාමාජිකයන් 2 ගෙන් මුලික අයිතිවාසිකම් පෙත්සමක්

සැප් 05, 2022

    තමන්ව අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග යටතේ රදවා ගැනීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙක් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

    ඒ සම්බන්ධයෙන් වෙල්වැව සිරි ධම්ම හිමි සහ හෂාන් ජීවන්ත ගුණතිලක යන අය විසින් සිය නීතිඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළා.

    එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කවින්ද පියසේකර, ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ප්‍රසන්න අල්විස්,පෑලියගොඩ පොලීසියේ ස්ථානාධිපති වරයා, තලංගම පොලිසියේ ස්ථානාධිපති වරයා, ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, නීතිපතිවරයා නම් කර තිබෙනවා.

    ඉකුත් 18 වනදා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ලිප්ටන් වටරවුම අසල විරෝධතාවක් පැවැත්වූ අතර ඊට සහභාගි වීමෙන් පසු නිවෙස බලා යමින් සිටියදී පෑලියගොඩ පොලීසියේ නිලධාරීන් පිරිසක් තමන්ව අත් අඩංගුවට ගත් බව පෙත්සම්කරුවන් පවසනවා.

    සාධාරණ හේතුවක් නොමැතිව මෙලෙස ඔවුන් අත් අඩංගුවට ගෙන රඳවා ගැනීම නීතිවිරෝධී බවට පෙත්සම්කරුවන් චෝදනා කළා.
    එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව ට තීරණය කරන ලෙසත් අදාල රැදවුම් නියෝග ක්‍රියාත්මක වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් කරන ලෙසත් පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.

    එසේම රැදවුම් භාරයේ පසුවන තැනැත්තන් හමුවීම සඳහා නීතිඥයින් ට අවස්ථාව දෙන ලෙස නියෝගයක් කරන ලෙස ද පෙත්සම් මගින් ඉල්ලා තිබෙනවා.

    පෙත්සම්කරුවන් අත් අඩංගුවට ගැනීමට සහ රදවා තබා ගැනීමට අදාළ සියලු ලේඛන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත් ඉදිරිපත් ඔවුන් ආසන්නයේ පිහිටි මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

    Latest News