සංචාරක කර්මාන්තයට රට මුළුමනින්ම විවෘත කිරීම කඩිනමින්...ඇමති නාමල්

මාර් 17, 2021

    ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තය සඳහා මුළුමනින්ම විවෘත කිරීමට කඩිනමින් පියවර ගන්නා බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, බ්‍රිතාන්‍ය මාධ්‍යවේදී කිරන් රායි සමග සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ජාවකදී.

    කිරන් රායිගේ මූලිකත්වයෙන් වසර 2020 සහ 2021 ආසියාවේ බලවත්ම පුද්ගලයින් 500කගේ ලැයිස්තුවක් නිර්මාණය කර තිබේ. ඊට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ ජනප්‍රිය ගායක යුවලක් වන භාවිත සංතූෂ් සහ උමාරියා සිංහවංශ ද ඇතුළත්. ඒ සම්බන්ධව සහ ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය පිළිබඳව මෙම සාකච්ජාවේ දී අවධානය යොමු කෙරිණ.

    එහිදී අමාත්‍යවරයා කියා සිටියේ, ක්‍රීඩා සහ සංචාරක ක්ෂේත්‍රය කෙරෙහි රජය ප්‍රමුඛ අවධානයක් ලබා දෙන බවයි. ශ්‍රී ලංකාව මේ වන විට කොරෝනා වෛරසය සාර්ථකව පාලනය කරමින් සිටින අතර,එන්නත්කරණ වැඩසටහන ද නිසි ලෙස ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

    රටේ ජනගහණයෙන් 60%ත් 70%ත් අතර ප්‍රමාණයකට එන්නත් ලබාදීම රජයේ අපේක්ෂාවයි.

    එන්නත්කරණ වැඩපිළිවෙළට අමතරව සෞඛ්‍යාරක්ෂිත ක්‍රම සහ නව දිවිපෙවතකට යොමු වීම අත්‍යවශ්‍ය බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය. එසේම,කොරෝනා වෛරස ව්‍යාප්තියෙන් පසු පළමු වරට ශ්‍රී ලංකා රාජතාන්ත්‍රිකයෙක් ලෙස තමා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කළ සංචාරය පිළිබඳ ද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කරුණු පැහැදිලි කළේය.

    Last modified on බදාදා, 17 මාර්තු 2021 12:07

    Latest News