මහ කන්නයේ වී මිලදී ගැනීම සාර්ථකව

මාර් 17, 2021

    මහ කන්නයේ වී මිලදී ගැනීම සාර්ථකව සිදුවන බව වී අලෙවි මණ්ඩලයේ කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රාදේශීය කළමනාකරණ කාර්යාලය පවසයි.

    ඒ ප්‍රාදේශීය කළමනාකරු රසික වේරංග මහතා කියා සිටියේ රජය වී කිලෝවක් සඳහා රුපියල් 55ක ඉහළ මිලක් ලබාදෙන බවයි.

    අත්පිට මුදලට වී මිල දී ගැනීමත් සමග වයඹ පළාතේ ගබඩාවලට වී තොග ලැබෙමින් පවතින බවයි,ඔහු සඳහන් කළේ. මහා වාරිමාර්ග යටතේ වගා කර ඇති කුඹුරුවල අස්වනු නෙළීම මේ වන විට ආරම්භ වී තිබේ.

    කලාපයෙන් අපේක්ෂිත වී ප්‍රමාණය මෙට්‍රික්ටොන් 40,000ක්. මේ වන විට නිකවැරටිය ගබඩාව වෙත වී මෙට්‍රික්ටොන් 7000ක් ලැබී ඇතැයි සඳහන්.

    Latest News