අසාද් සාලිගේ වාහනයෙන් හමුවූ පිස්තෝලය ගැන විමර්ශනයක්

මාර් 17, 2021

    හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහුගේ මෝටර් රථයේ තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සොයා ගෙන ඇතැයි,පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ අද උදෑසන මාධ්‍යයට ප්‍රකාශයක් සිදු කරමින්.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අදාළ මෝටර් රථය පරීක්ෂා කිරීමේදී ඒවා සොයාගත් බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.

    ඒ සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භකර ඇති බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

    අසාද් සාලි මහතාව ඊයේ (16) අත්අඩංගුවටගෙන තිබුණේ කොල්ලුපිටිය ප්‍රදේශයේදීයි.

    Latest News