තවත් 12,292 දෙනෙක්ට කොවිඩ් එන්නත්

මාර් 17, 2021

    ඊයේ දිනයේ පමණක් 12,292 දෙදෙනෙක්ට එන්නත් ලබා දී තිබේ. එන්නත් ලබාදීම අද සිදු කෙරෙන්නේ,48 වැනි දිනටයි.

    කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ හත් ලක්ෂ 96,792 දෙනෙක්ට එන්නත් ලබා දී ඇතැයි,වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    එන්නත් ලබාදීමේ වැඩසටහනක් අද කොට්ටාව,සිරි ධම්මකිත්තාරාම පුරාණ මහා විහාරස්ථානයේ දී පැවැත්වෙයි. එහිදී වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් 1,400ක් සඳහා එන්නත් ලබාදීමට නියමිතයි.

    කොවිඩ් 19 රෝගය වැළඳුනු තවත් 386 දෙනෙක් ඊයේ හඳුනා ගැනිණ. ඉන් 250 දෙනෙක් පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූවන්. තවත් 24 දෙනෙක් බන්ධනාගාර කොවිඩ් පොකුරේ රෝගීන්. සෙසු 12 දෙනා විදේශයන්හි සිට පැමිණි අයයි. සුවය ලැබූ තවත් 402 දෙනෙක් රෝහල්වලින් ඊයේ පිටව ගියේය.

    Latest News