මෙරට 7 ලක්ෂ හැත්තෑ දහසකට අධික පිරිසකට කොරෝනා එන්නත ලබාදී අවසන්

මාර් 15, 2021

    මේවනවිට කොරෝනා මර්දන එන්නත මෙරට පුද්ගලයින් 773,011 දෙනෙක්ට ලබාදී ඇතැයි වංසගත රෝග විද්‍යා අංශය පවසයි.

    ඊයේ දිනයේදී පමණක් මෙරට පුද්ගලයින් 2,603 දෙනෙක්ට කොරෝනා මර්දන එන්නත ලබාදී තිබේ.

    මෙරටින් මේවනවිට වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 87,907 ක්. ඉන් ආසාදිතයින් 84,648 දෙනෙකු මේ වනවිටත් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් අවසන්.

    ආසාදිතයින් 2,732 දෙදෙනෙකු රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි.

    මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 527ක්.

    Latest News