මෙරට නිෂ්පාදිත වෛරස් සහ බැක්ටීරියා නසන මුහුණු ආවරණය ජාත්‍යන්තර වෙළෙඳපොළට (වීඩියෝ)

මාර් 10, 2021
  • ලොව ප්‍රථම වතාවට කොවිඩ් 19 ඇතුළු වෛරස් සහ බැක්ටීරියා විනාශ කරන පරිසර හිතකාමී අධිතාක්ෂණික මුහුණු ආවරණය ජාත්‍යන්තර වෙළෙඳපොළට අද හඳුන්වා දුන්නා.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, මහාචාර්ය ගාමිණී රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව මුහුණු ආවරණය නිෂ්පාදනය කෙරුණා. නැනෝ තාක්ෂණය මුසු කළ කපරෙද්දෙන් ස්ථර තුනකින් මෙම මුහුණු ආවරණය නිෂ්පාදනය කර තිබේ. පර්යේෂණ ගණනාවක් සිදු කරමින් සියලු වෛරස් සහ බැක්ටීරියා විනාශ කරන බවට තහවුරු කළ ලොව ප්‍රථම මුහුණු ආවරණ නිෂ්පාදනය මෙයයි. "Nano AV99" ආවරණය 20 වතාවකට වඩා සේදිය හැකි බවත් ඒම අවස්ථාවන්වල විෂබීජ විනාශ වන ගුණය නොනැසී පවතින බවත් පර්යේෂකයින් පෙන්වා දෙනවා.

    Last modified on බදාදා, 10 මාර්තු 2021 13:18

    Latest News