අශෝක් අබේසිංහ අද CIDය හමුවට

මාර් 09, 2021

    සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටීම ඊයේ (08) මඟහැර තිබේ.

    මේ අනුව අද (09) මන්ත්‍රීවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා යැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

    පාස්කු ප්‍රහාරයේ සැලසුම්කරුවන් සහ මූල්‍ය දායකත්වය සැපයූවන් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අනූව මන්ත්‍රීවරයා මෙලෙස කැදවා ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News