තවත් කොවිඩ් මරණ 5ක්..සම්පූර්ණ සංඛ්‍යාව 507ක්

මාර් 09, 2021

    මෙරටින් කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 344 දෙනෙක් හඳුනාගෙන තිබේ.

    එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 10 දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වෙයි. ඉතිරි පුද්ගලයින් 334 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වෙයි. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ඒ ආසාදිතයින් 65ක් ලෙසයි. ඊට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 54ක් හා ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 47ක් ලෙස වාර්තා වෙයි. අනෙක් ආසාදිතයින් 168 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වෙයි.

    අද උදෑසන වන විට මෙරටින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 86,038ක් වන අතර ඉන් පුද්ගලයින් 82,512ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් තිබේ. රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 3,019 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    ගතවූ පැය 24 තුල රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 454ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ. එමෙන්ම ‍මෙරටින් කොවිඩ් මරණ 5ක් වාර්තා වෙයි. ඔවුන් අනුරාධපුර,හෙම්මාතගම,කොළඹ 6, ධර්ගා නගරය හා ජා ඇළ යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වෙයි. ඒ අනූව මෙරටින් වාර්තා වන සම්පූර්ණ මරණ සංඛ්‍යාව 507ක්.

    Latest News