මාර්තු 7 - 13 ලෝක ග්ලෝකෝමා සතිය

මාර් 09, 2021

    සෑම වසරකම මාර්තු මස 12 වැනි දිනට යෙදී ඇති ලෝක ග්ලූකෝමා දිනයට සමගාමීව ග්ලෝකොමා සතියක් ප්‍රකාශයට පත්කර තිබේ.

    ඒ අනූව මාර්තු මස 7 - 13 දක්වා වූ සතිය ලෝක ග්ලෝකෝමා සතිය ලෙස හඳුන්වා ඇති අතර ලෝකය දීප්තිමත්ය,ඔබේ පෙනුම සුරකින්න යන්න මෙවර ග්ලෝකෝමා සතියේ තේමාව වී තිබේ.

    ග්ලෝකෝමාව යනු ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා ජනයා සදාකාලික අන්ධභාවයට පත්කරන ප්‍රධානතම රෝගී තත්වයකි. ග්ලෝකෝමාව මගින් ක්‍රමයෙන් දෘෂ්ටි ස්නායුවට හානි කිරීම මගින් පෙනීම අඩු කෙරේ. ඇසෙන් අප දකින දේ නිවැරදිව හදුනාගැනීම සඳහා දෘෂ්ටි ස්නායුව මගින් ඇසේ සිට මොලයට සන්නිවේදනය ලබා දෙනු ඇති.

    දෘෂ්ටි ස්නායුවට හානි වීමෙන් ලෝකය දකින දෙනෙත්වල පෙනුම නැති වී යයි. ග්ලෝකෝමාව යනු මෙම දෘෂ්ටි ස්නායුවේ අදෘශ්‍යමාන,නිහඩ මාරයා ලෙස හැඳින්විය හැකියි.

    මෙම දිනයට සමගාමීව ජාතික අක්ෂි රෝහල සෑම වසරකම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළද පවතින කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් මෙවර යම් සීමා කිරීම් සිදුකර තිබේ. ඒ අනූව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මාර්තු මස 10 වැනි දින පෙ.ව 8.30 සිට 9.30 දක්වා ලිප්ටන් වට රවුමේ බැනර් සහ පෝස්ටර් ප්‍රදර්ශනයක් සිදු කිරීමට සැලසුම් කර ඇත.

    Latest News