ආසාදිතයින් 350ක් වාර්තා වෙද්දී තවත් 485ක් සුවය ලබයි

මාර් 06, 2021

    අද (06) දින උදෑසන වනවිට මෙරටින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 350 දෙනෙක් හඳුනාගෙන තිබේ.

    එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 12 දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වෙයි.

    ඉතිරි පුද්ගලයින් 338 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින්. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 94ක් ලෙසයි.

    ඊට අමතරව, රත්නපුර දස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 82ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 31ක් ලෙස වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 131 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වෙයි.

    අද (06) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩිස් පොකුරට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 81,132 ක් වේ. ඉන් පුද්ගලයින් 79,406 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    මෙරට කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 84,959ක් වන අතර ඉන් පුද්ගලයින් 81,320ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 3,146 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    පසුගිය පැය 24 තුළ රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 485ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

    අද (06) දිනයේ දී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 99ක් තුළ පුද්ගලයින් 10,456 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (05) දිනය තුල PCR පරික්ෂයණ 7,366ක් සිදුකර තිබේ.

    Latest News