බීමත් රියදුරෙක් වැල්ලවත්තේදී 4 දෙනෙක් යටකරයි - අයෙක් මරුට

මාර් 06, 2021

    වැල්ලවත්තේ ප්‍රදේශයේ දී අද (06) උදෑසන මෝටර් රථයක ගැටීමෙන් පුද්ගලයන් 4 දෙනෙක් අනතුරට ලක්ව තිබේ.

    අද උදෑසන 6.10ට පමණ කොල්ලුපිටිය දෙසින් පැමිණි මෝටර් රථයක් වැල්ලවත්ත දුම්රියපොළ පසුවන විට එම ස්ථානයෙන් යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයෙක් යට කර ගෙන ගොස් තිබේ.

    ඉන් පසුව උදෑසන ව්‍යායාම යෙදුණු තුන් දෙනෙක් ද ඒ සමගම අනතුරට ලක් කර තිබේ. පාපැදියේ ගමන්ගත් පුද්ගලයා එම ස්ථානයේම මිය ගොස් ඇති අතර අනෙක් තිදෙනා රෝහල් ගතකොට තිබේ. ඉන් එක් පුද්ගලයකු අසාධ්‍ය තත්ත්වයේ පසු වන බවයි, පොලිසිය පවසන්නේ.

    එම අවස්ථාවේදී ඒ අසළින් ගමන් ගත් මෝටර් රථයක් අනතුරට ලක් කර පලා යන මෙම මෝටර් රථය පසුපස හඹා ගොස් එය පොලිසියට හසු කර දී තිබේ. අනතුරට ලක් කර මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයින් බීමත්ව සිටි බවයි පොලිසිය පවසන්නේ.

    Latest News