අගමැති ප්‍රධානත්වයෙන් සංවත්සර ගුවන් සංදර්ශනය සමාප්ත වෙයි

මාර් 06, 2021

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ගුවන් සංදර්ශනයේ (Air Show) සමාප්තිය ඊයේ (05) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර දී පැවැත්විණි.

    දින තුනක් පුරා පැවැති මෙම ගුවන් සංදර්ශනය පසුගිය 03 වැනිදා ආරම්භ විය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඉන්දියානු ගුවන් හමුදාව එක්ව සංදර්ශනය සංවිධානය කළේය.

    සමාප්ති උත්සවයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් පිළිගනු ලැබුවේය.

    1951 මාර්තු 02 වැනි දින රාජකීය ගුවන් හමුදාව ලෙස ස්ථාපිත වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාව 1972 මැයි මස 22 වැනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පත්විය.

    සුරකිමු ලකඹර තේමාව සිය මුඛ්‍ය පරමාර්ථය කොටගත් ගුවන් හමුදාව තිස් වසරක් තිස්සේ මෙරට පැවැති ත්‍රස්තවාදී යුද ගිනි නිවා දැමීමේ මානුෂීය මෙහෙයුමට සිය සක්‍රීය දායකත්වය ලබා දුන්නේය.

    ගුවන් සංදර්ශනය නැරඹීමට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    5b16f1bbe000f24290c11a499ccdb6df23e94283

    ae3c4699af314755ca9f456158375cd6dc549ee5

    c02a4b0ac33e368f775e1ab5a4b8b59c66ec658c

    49123af4e28a93d59a537ff09aca1726770563a7 1

    Last modified on සෙනසුරාදා, 06 මාර්තු 2021 09:27

    Latest News