නාකොටික් නිලධාරීන්ගේ ඇප පෙත්සම් විභාගයට දින නියම වෙයි

පෙබ 25, 2021

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පස් දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සම් පිළිබඳ විභාගය මාර්තු මස 29 වනදා පැවැත්වීමට කොළඹ මහාධිකරණය නියම කළා.

    එම නිලධාරීන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

    එම ඇප ඉල්ලීම් අද සලකා බැලීම සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ සදහන් කළේ මෙම ඇප ඉල්ලීම් වලට අදාලව විරෝධතා ගොනු කර ඇති බවයි.

    ඒ අනුව ඇප පෙත්සම් වලට අදාල විභාගය මාර්තු මස 29 පැවැත්වීමට අධිකරණය නියම කළා.

    එම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හිටපු පොලිස් පරීක්ෂක ලයනල් ජයරත්න ඇතුළු පස් දෙනෙකු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

    Latest News