අත්අඩංගුවට පත් නාකොටික් නිලධාරීන්ගේ වාහන රැසක් පොලිස් භාරයට

ජූලි 10, 2020

    මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්ය්‍යාංශයට අනුයුක්තව සිටි නිලධාරීන් දෙදෙනෙකුට අයත් ලොරි රථ 04ක්, වෑන් රථ දෙකක් හා කාර් රථයක් පොලිස් භාරයට ගෙන තිබේ.

    ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ කළ වැටලීමකදී වාහන පොලිස් භාරයට ගැණින.

    වැටලීම සිදු කළේ, පල්ලෙවෙල පොලිස් වසමේ බාඳුරාගොඩ ප්‍රදේශයේදී. සියලු වාහන එම ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවකට කුලී පදනම මත ලබාදී තිබූ බව පොලිසිය පවසයි. වෑන් රථ දෙකක් එම කර්මාන්ත ශාලාවේ සේවය කරන උප පොලිස් පරීක්‍ෂකවරයාගේ ඥාතියෙකුගේ නමට ලියාපදිංචි කර ඇති බවට කරුණු හෙළි වී තිබේ. අත්අඩංගුවට ගනු ලැබූ වාහන වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතයි.

    Latest News