පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පස් දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සම් පිළිබඳ විභාගය මාර්තු මස 29 වනදා පැවැත්වීමට කොළඹ මහාධිකරණය නියම කළා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව ඇප මත මුදා හරින මෙන් ඉල්ලා එම කාර්යාංශයේ සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පස් දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සම් වලට දැඩි විරෝධය පළ කරන බව නීතිපතිවරයා අද කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ එම කාර්යාංශයට අනුයුක්ත නිලධාරීන් 13 දෙනා තවදුරටත් ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු ගබඩා කාමරයේ තිබූ හෙරොයින් කිලෝ 600කට අධික ප්‍රමාණයක් බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත අද රැගෙන එනු ලැබීය.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්ය්‍යාංශයට අනුයුක්තව සිටි නිලධාරීන් දෙදෙනෙකුට අයත් ලොරි රථ 04ක්, වෑන් රථ දෙකක් හා කාර් රථයක් පොලිස් භාරයට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයෙක් 17 වන සැකකරු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රාගමදී ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් අද අත්අඩංගුවට ගැනුණු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් දොළොස් දෙනා ලබන 8 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලීසියට අවසර ලබා දුන්නේය.

Latest News