හිජාස් හිස්බුල්ලා හා මද්‍රසා පාසලේ අන්තවාදය ඉගැන්වූ විදුහල්පති රිමාන්ඩ්

පෙබ 18, 2021

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් සමග සමීප සබඳතා පැවැත්වීම සහ මද්‍රසා පාසලක් තුළ අන්තවාදී ඉගැන්වීම් සිදු කළ බවට චෝදනා එල්ල වූ නීතීඥ හිජාස් හිස්බුල්ලා සහ මද්‍රසා පාසලේ විදුහල්පති ශකීර් මෙහොමඩ් යන අය ලබන මාර්තු 3 වැනි දින දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

    ඒ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින්.

    2019 අප්‍රේල් 21 වැනිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව එල්ල වුණේ,සිද්ධස්ථාන 3ක් සහ හෝටල් 4ක් ඉලක්ක කර ගනිමින්. එහිදී දරුවන් 45 දෙනෙක් ඇතුළු 269 දෙනෙක්ට ජීවිත අහිමි විය.

    ප්‍රහාර මාලාව සම්බන්ධව සහරාන් හෂීම් ඇතුළු පිරිසට ආධාර අනුබල දීමේ ‍චෝදනා මත හිජාස් උමාර් හිස්බුල්ල නමැති නිතීඥවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුව අත්අඩංගුවට ගනු ලැබීය.

    Latest News