රිමාන්ඩ් බාරයට පත් කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට එරෙහිව ලබන 28 වනදා පුත්තලම මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයෙන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් වූවොත් ඊට විරුද්ධ නොවීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

නීතීඥ හිජාස් හිස්බුල්ලා ඇප මත මුදා හරින්නැයි,‍ ගොනු කරනු ලැබ ඇති පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නේය. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කෙරුණු හබයාස් කෝපුස් රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගත්තේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් සමග සමීප සබඳතා පැවැත්වීම සහ මද්‍රසා පාසලක් තුළ අන්තවාදී ඉගැන්වීම් සිදු කළ බවට චෝදනා එල්ල වූ නීතීඥ හිජාස් හිස්බුල්ලා සහ මද්‍රසා පාසලේ විදුහල්පති ශකීර් මෙහොමඩ් යන අය ලබන මාර්තු 3 වැනි දින දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා හමුවීම සඳහා හෙට(16) පස්වරු 2.30 ට ඔහුගේ නීතිඥවරුන්ට ප්‍රවේශය සලසා දිය හැකි බව නීතිපතිවරයා අද (15) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 23 වැනි දා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

Latest News