මොහු මේ අදහස් පළ කළේ පළාත් සභා ඡන්දය පිළිබඳ දැනට පවතින තත්වය පිළිබඳ කරුණු දැක්වීමේ ප්රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින්.
දැනට පවතින නීතිමය තත්වය මත පළාත් සභා ඡන්දය පැවැත්වීමට නොහැකි බවයි මහින්ද දේශප්‍රිය මහාත ප්‍රකාශ කරන්නේ. ඡන්දය පැවැත්වීමට පළාත් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ සංශෝධනය කර සම්මත කර ගැනීම කළ යුතු වේ. දැනට පවතින තත්වය අනුව රටේ ඕනෑම පුරවැසියෙකුට පළාත් සභා ඡන්දය නොපවත්වා තිබීම ගැන මූලික අයිතිවාසිකම් කඩවීමේ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ හැකි බව මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
ඒ අනූව ඉදිරිපත් වෙන ඕනෑම පෙතසමක් සඳහා මැතිවරණ කොමිසමමේ සභාපති ලෙස ඉදිරිපත් වී කරුණු දැක්වීම සිදුකරන බව ද ඔහු අවධාරණය කරයි.