මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට නව අධිකාරියක්; ජනපති

ජන 28, 2019

    මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    ඊට අදාළ යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි, ජනාධිපතිතුමා අද පැවති ජනපති ප්‍රශංසා සම්මාන උළෙලේ දී කියා සිටියේ. උත්සවය අද පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණ. මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙලේ දී කැපවීමෙන් රාජකාරී ඉටු කරමින් විශිෂ්ට දක්ෂතා දැක් වූ පොලිස් නිලධාරීන් ඇගයීමේ උත්සවය පැවැත්වුණේ, ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

    පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් උත්සවයට සහභාගී විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිස්න මැතිතුමාගේ මතින් නිදහස් රටක් සංකල්පය සාර්ථක කර ගැනීමට දිවිහිමියෙන් කැපවූ සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ දී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරීන් මෙහි දී ඇගැයීමට ලක් කෙරිණ. විශේෂ කාර්ය බලකායේ සහ පොලිසියේ නිලධාරීන් 1034 දෙනෙකු ජනාධිපතිතුමා අතින් මෙහි දී පදක්කම් සහ ප්‍රශංසා සහතික ලාබ ගත්තේය.

     

    Last modified on සදුදා, 28 ජනවාරි 2019 12:47

    Latest News