වතුකරය යළි උණුසුම් (ඡායාරූප)

ජන 28, 2019

     වතු කම්කරුවන් පිරිසක් හැටන් - මල්ලිඅප්පුව මංසන්ධියේ අද (28) උදැසන 10.00 සිට උද්ඝෝෂණයට නිරත වෙයි.

    මේ වන විට හැටන් නුවරඑලිය, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු හැටන් මල්ලිඅප්පුව මංසන්ධියෙන් සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබේ.වතු හාම්පුතුන්ගේ සංගමය , වතු එකාබද්ධ වෘත්තිය සමිති සහ රජය මැදිහත් වි තමන් වෙත ලබාදුන් රු.700ක මුලික වැටුප ප්රේමාණවත් නොවන හා මෙම නව වැටුප් වැඩි කිරිමේදී මීට ඉහළ තමන් වෙත ගෙවූ දිරි ගැන්විමේ දිමනාව වන රු.140 මෙවර වැටුප් වැඩි කිරිමට ඇතුලත් කර නොමැති බව පවසමිනුයි මෙම විරෝධතාවය ආරම්භ කර ඇත්තේ.

    විරෝධතාවයේ නියැලි සිටින වතු කම්කරුවන් කියා සිටින්නේ තමන්ට රු. 1000ක මුලික වැටුපත් ලබාදෙන බව වතුකරයේ දේශපාඥයින් පොරොන්දු වී තමන්ට රු .700 මුලික වැටුපක් පමණක් ලබා දි තමන්ව මුලා කල බවයි.

    වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර අත්සන් කිරිමට නියමිත අවබෝධතා ගිවිසුම අත්සන් නොකරන ලෙසට විරෝධතාවයේ නියැලි සිටින වතු කම්කරුවන් කියා සිටී.

    1 1 1

    2 2

    DSC00706

    Latest News