රට විරුවන්ගේ ප්‍රශ්න ගැන කරන සාවද්‍ය ප්‍රකාශවලට ඇමති කෙහෙළිය පිලිතුරු දෙයි (වීඩියෝ)

පෙබ 09, 2021
  • විදෙස් ගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වීම සහ ඔවුන්ගේ ප්‍රශ්න සඳහා මැදිහත්වීමට රජය කටයුතු නොකරන බව පවසමින් ඇතැම් පිරිස් සාවද්‍ය ප්‍රචාර ගෙන යමින් පවතින බව අමාත්‍ය කෙහෙළියරඹුක්වැල්ල මහතා පවසනවා.

    කැබිනට් තීරණ දැනුම් දීම සදහා රඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා ඒ පිළිබඳ අදහස් පළ කළා...

    කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළියරඹුක්වැල්ල.....

    "පෙබරවාරි 7 වන දා වෙනකොට විදේශිකයන්හි සිට ලංකාවට ගෙනාපු ප්‍රමාණය 85183යි. මේ රටේ විරුවන් ගැන අඬන අයට දෙන්න තියන පණිවිඩය. රජයේ වියදමින් නිරෝදානය මධ්‍යස්ථානවල නිරෝධනය වූ සංඛ්‍යාව 44602ක්.... අපි බොහොම පැහැදිලිව කියන්නට ඕන ලෝකයම අපහසුතාවයට පත්වෙලා තියෙන වෙලාවේ අපේ පුංචි රට හැටියට සීමිත සම්පත් එක්ක මේ කරන වැඩේ සහ ගෙන යන වැඩපිළිවෙළ විවේචනයට ලක් කරමින් ඔවුන් උත්සාහ කරන්නේ ඔවුන්ගේ දේශපාලන වටාපිටාවේ කඩා වැටී තිබුණ මානසිකත්වය ගොඩ ගණ්නන නම ඒ ගැන මෙරට ජනතාව අවංකවම කණගාටුවෙයි."

    Latest News