කොවිඩ් 19න් වැඩි වශයෙන් බලපෑමට ලක් වූ අංශ සදහා විදේශ අරමුදල්

පෙබ 09, 2021

    කොවිඩ් 19 රෝගයෙන් වැඩි වශයෙන් බලපෑමට ලක්ව ඇති අංශ කිහිපයක් සදහා අවශ්‍ය අරමුදල් සැපීමට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව එකඟ වී ඇති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ තිබෙනවා.

    ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ගිවිසුම්වලට එළඹීම සහ අනෙකුත් ක්‍රියා මාර්ග ගැනීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින්. සංචාරක, ඇඟලුම්, ඉදිකිරීම්, වෙළඳ, නිෂ්පාදන, කෘෂිකර්ම, අපනයන, සෞඛ්‍ය සේවා යන අංශ සඳහා මේ අනුව අරමුදල් සැපයෙනවා. ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන්නේ ලංකා බැංකුව සහ මහජන බැංකුවේ සහභාගිත්වයෙන්.

    Latest News