නාමල්ගෙන් අපූරු තැගී යෝජනාවක්

ජන 27, 2019

    සේනා දළඹුවා විනාශ කිරිමට නම්, දළඹුවන් විනාශ කරන ගොවින්ට තැගි මුදලක් ලබාදී එය සම්පුර්ණයෙන්ම විනාශ කිරිමට ගොවින් කටයුතු කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පැවසිය.

    නාමල් කරුණාරත්න මහතා ඒ බැව් කියා සිටියේ කොත්මලේ මෑතගම වේල්යාය ප්‍රදේශයේ ගොවි ගැටළු සොයා බැලිම සදහා පැමිණිමෙන් පසු මාධ්‍යයට අදහස් දක්මිණි.

    සේනා දළඹුවා නිසා විනාශ වු බඩ ඉරිගු වශාවේ අක්කරයකට රුපියල් හතලිස්දාහසක මුලදක් ගොවින්ට ප්‍රමාණවත් නොවන බවත්, අවම වශයෙන් අක්කරයකට රුපියල් හැත්තැ පන්දහසක මුදලක් රජය ලබා දිය යුතු බව ඔහු කියා සිටි. නුවරඑලිය දිස්ත්‍රිකක්යේ ස්ථාන කිහිපයකින්ද සේනා දළඹුවා හමු වි ඇති නිසා සේනා දළඹුවා උඩරට එලවළු වගාවට ව්‍යාප්ත විමේ අවධානමක් පවතින බව ඔහු පෙන්වාදුනී. ගොවින් බඩ ඉරිගු වගාවෙන් ඉවත් වන්නේ නම්, සෙසු කෘෂි බෝග සේනා දළඹුවාගෙන් බේරාගත හැකි බවයි නාමල් කරුණාරත්න මහතා කියා සිටියේය.

    Latest News