ජාතික ආණ්ඩු සාකච්ඡා ගැන අමරවීරගේ හෙලිදරව්ව

ජන 27, 2019

    ජාතික ආණ්ඩුවකට එකතු වීම සම්බන්දව මෙතෙක් කිසිදු සාකච්චාවක් පවත්වා නොමැති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

    ඒ සදහා ආණ්ඩු පාර්ශවයෙන් කිසිදු ආරාධනාවක් මේ වන විට ලැබි නොමැති බවයි. මහින්ද අමරවීර මහතා මේ අදහස් පල කලේ අගුණුකොලපැලැස්සේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

    පා.ම. මහින්ද අමරවීර - “ජාතික ආණ්ඩුව ගැන වුනත් ව්‍යවස්ථාව ගැන වුනත් පාර්ලිමේන්තුව ගැන වුනත් තීන්දු තීරණ ගනිද්දි අපි පක්ෂයක් විදියට සාකච්චා කරල තමයි තීරණය කරන්නේ. එවැනි යෝජනාවක් හෝ මේ වන තෙක් ලැබිල නෑ. එහෙම සාකච්චාවක් වත් නැති දෙයක් ගැන කතා කරල වැඩක් නෑ කියලයි මම හිතන්නේ. ඒ වගේම තමයි පාර්ලිමේන්තුවේ පසු ගිය දා සිදුවුනු කලහකාරී සිදුවීම. පාර්ලිමේතුවේ කටයුතු වලට දඩුවම් ලබා දෙන්න අධිකරණයට හෝ පොලීසියට පුලුවන් කමක් නෑ. ඒ සිදුවීම නිකම්ම වුනු එකක් නෙමෙයි. කොහොම වුනත් ජනතාවට අවබෝධයක් තිබෙනවා කවුද හරි කවුද වැරදි කියල. ජනතාවට තමයි පුලුවන් මේ අයට විරුදධව තීරණයක් ගන්න, මේ අයට දඩුවම් කරන්න. ජනතාව අවශ්‍ය වෙලාවට හොද තීරණය ගනීවි. ඒවගේම තමයි නිදහසින් පස්සෙ මේ ආණ්ඩු සියල්ලම ගෙනිච්ච වැඩපිලිවෙලවල් ජනතාවට ප්‍රතිඵලයක් තියෙනවද කියන සැකේ තියෙනවා. අපි ගොඩක් වැඩ කරල තියෙනවා. වංචා දූෂණ වෙලා තියෙනවා. ඒ නිසා අපි දැනට සාකච්චා කරගෙනයනවා වංචා දූෂණ අවම කරන්න පුලුවන් සංවිධානයක් ගොඩනගන්න. එය ඉදිරියට බලාගන්න පුලුවන්. ඒ වගේම රටට වෙන හොද දේවල් වලට විපක්ෂයේ හිටියත් අපි සහයෝගය ලබා දෙනවා. රට බෙදන රටට අහිතකර දේවල්වලට කොන්දේසි විරහිතව අපි විරුද්ධ වෙනවා යැයි ඔහු කියා සිටියේය.

     

    Last modified on ඉරිදා, 27 ජනවාරි 2019 16:54

    Latest News